ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ කලක් තිස්සේ නොවිසඳුණු විවිධ ගැටලු විසඳීම වෙනුවෙන් එම ගැටළුවට අදාළ සියලු ආයතන හා රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ කරගෙන කඩිනම් මහජන සේවයක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ සංකල්පයක් මත මහජන දිනය වන සඳුදා දිනවලදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ක්‍රියාත්මක කරනු ලැබේ.

ගාල්ල කොටුව අභ්‍යන්තරයේ පිහිටි පැරණි තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ පැවති හෙයින් මීට මාස කිහිපයකට ඉහත එහි නවීකරණය කටයුතු ආරම්භ කරන ලදී.

කාන්තා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා කාන්තා කාර්‍යාංශයේ ප්‍රතිපාදන මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සවිබල ගැන්වීම සදහා ස්වයං රැකියා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(2021.10.15) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ කිතුල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය හා කිතුල් වගා ප්‍රවර්ධන ව්‍යාපෘතිය තවලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇළ ඉහළ ග්‍රාම නිලධාරී වසම ඉලක්ක කර ගනිමින් පසුගියදා (2021.10.09) ආරම්භ කෙරිණ.

ගාල්ල දිස්ත්‍රික්කයේ මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පසුගියදා (2021.10.15) දින නව කාර්යාලීය ගොඩනැගිල්ලකට ප්‍රවිෂ්ට විය.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගෝනපිනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන ව්‍යපෘතිය සඳහා ප්‍රතිලාභින් වෙත තාක්ෂණික උපකරණ ලබා දිම පසුගියදා සිදු කෙරිණ.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් නිෂ්පාදන ව්‍යාපෘතියක් වශයෙන් ගොනුපිනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරුවැල්ල බැද්ද ග්‍රාමයේ ස්ථාපිත අත්යන්ත්‍ර රෙදිපිලි නිෂ්පාදන ගම්මානය ප්‍රතිලාභින් වෙත පවරාදිම පසුගියදා (24) සිදු කෙරිණ.

“හුස්ම දෙන තුරු“ ජාතික රුක්රෝපණ වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් තුරු රෝපණ පාරිසරික වැඩසටහන පසුගියදා පරිසර ගරු අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සෞභාග්‍යයා නිෂ්පාදන වැඩසටහන යටතේ  හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ  සෞභාග්‍යා නිෂ්පාදන ව්‍යාපෘති  සිදු කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ බෙදා දීම  ගරු රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (01) දින  සිදු කෙරිණ .

නාගරික සංවර්ධන, වැවිලි, සහ පාරිසරික ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන ගාල්ල හෝලුවාගොඩ "දියදම් උයන" පුරවර සංවර්ධන වැඩසටහනේ වැඩ කටයුතු ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් නිරීක්ෂණය කරන ලදී. 

ගාල්ල දිස්ත්‍රික්කය සදහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම වේගවත්ව සිදු කරන බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය .ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා බඳවා ගත් නවක නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ලබා දීමේ ගාල්ලේ වැඩසටහන පසුගිය දා පැවැත් වුණේ දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර් සි ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙනි.මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා ද එක්ව සිටියේය .