සුනාමි පෙරහුරුවක් 2025.11.05 දින ගාල්ල මාදම්පාගම දී
ජාත්යන්තර සුනාමි දිනයට සමගාමීව පවත්වන ඉන්දියානු සාගර කලාපීය සුනාමි පෙරහුරු අභ්යාස ( IOWave 25 ) වැඩසටහන යටතේ පෙරහුරු අභ්යාසයක් ආපදා කළමනාකරන මධ්යස්ථානය මගින් ගාල්ල දිස්ත්රික්කයේ මාදම්පාගම කුලීගොඩ මාදම්පා මධ්ය මහා විද්යාලය සහ වේනමුල්ල ග්රාම නිලධාරී වසම කේන්ද්ර කර ගනිමින් අද(05) පෙරවරුවෙ පැවත්විණ.
පාසල් ළමුන් සහ ග්රාමීය ප්රජාව,ආරක්ෂක අංශ ත්රිවිධ හමුදා නිලධාරී මහත්ම මහත්මීන්,පොලිස් නිලධාරී මහත්ම මහත්මීන්,මාදම්පාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරි රැසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ මගපෙන්වීම යටතේ ගාල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














