පසුගිය පෙබරවාරි 04 වැනි දින "ගාලු දිසා ප්‍රවර්ධා සම්මාන උලෙළ 2022" සම්මාන උළෙලට සමගාමීව හොඳම ගෙවතු වගා වැඩසටහන සඳහා වඳුරඹ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉහළ කීඹිය දකුණ, ග්‍රාම නිලධාරී වසමේ ටී.වී. තිලංග රංගනාත් මහතා සම්මානයට පාත්‍ර විය.

එහි දෙවැනි ස්ථානය අක්මීමන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටත් තෙවන ස්ථානය කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටත් හිමිවිය.මෙම සම්මාන උලෙලේ දී  ගාල්ල දිස්ත්‍රික්කයේ හොඳම ගෙවතු වගා වැඩසටහන ,හොඳම රුක් රෝපණ වැඩසටහන ,හොඳම ශ්‍රමදාන වැඩසටහන, හොඳම ග්‍රාමීය ආර්ථික කේන්ද්‍රය සහ හොඳම ග්‍රාම නිලධාරි  කාර්යාලය සඳහා මෙහිදී සහතික හා සම්මාන ප්‍රදානය කිරීම සිදු කෙරිනි .හොඳම ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රය සඳහා නෙළුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කොස්මුල්ල ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටුව සම්මානයට ලක් වූ අතර,හොඳම ශ්‍රමදානය  වැඩසටහන සඳහා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මහ උරගහ සෞඛ්‍යය  මාතෘ සායන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය තේරී පත්විය.හොඳම ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරගයේ ප්‍රථම ස්ථානය ඉමදුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ,172 ,ඉමදුව ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ අංජන පතිරණ ග්‍රාම නිලධාරි මහතා වෙත හිමිවිය.හොදම රුක් රෝපණ ව්‍යාපෘතිය සඳහා නියාගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ උස්බිම් ජනපදය ග්‍රාම නිලධාරි වසමේ ධරණී හරිත කවය සම්මානයට ලක් විය.සම්මාන සහ කුසලතා සහතිකපත් ප්‍රධානය කිරීම සදහා  අමාත්‍ය රමේශ් පතිරණ මහතා ,දකුණු පළාත්  ආණ්ඩුකාර වීලී ගමගේ මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකෝරළ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ .

එමෙන්ම ආහාර සුරක්ශිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් මීට එක්ව සිටියහ .වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ සංකල්පයක් වශයෙන් දිස්ත්‍රික් ලේකම්  කාර්යාලය  විසින් සංවිධානය කරන්නට විය.

 

new office building 2022.01.21 1  new office building 2022.01.21 2

new office building 2022.01.21 1  new office building 2022.01.21 2

new office building 2022.01.21 1