ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව "සිත් සවිය 2025 "දෙවන අදියර චිත්‍ර ප්‍රතිකාර වැඩසටහන ගාල්ලේදී....

"සිත් සවිය" මනෝවිද්‍යා උපදේශන වැඩසටහනේ දෙවන අදියර වශයෙන් චිත්‍ර ප්‍රතිකාර වැඩසටහනක්2025 නොවැම්බර් මස 06සහ 07 දෙදින තුළ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
මේ සඳහා ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් ඩබ්ලිව් .ඒ ධර්මසිරි මහතා ඇතුළු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ නිලධාරීන් 350ක් පමණ සහභාගී විය.
ශ්‍රී ලංකාවේ සිදු කළ පර්යේෂණයන් අනුව සෑම පුද්ගලයන් පස් දෙනෙක්ගෙන් එක අයෙක්ම කුමන හෝ මානසික ගැටලුවකින් පෙළෙන බව මෙහිදී අනාවරණය කෙරිණි .
එනිසා රාජකාරි ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරීමට නිලධාරීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීමේ වැදගත්කම ඉස්මතු කරමින් වැඩසටහන පැවැත්විණ.
පුද්ගලික මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා සතුටින් වැඩ කරන්න අවශ්‍ය පරිසරය සැකසීම ,චිත්‍ර මගින් පුද්ගල ආතතිය අවම කර ගැනීමේ ශිල්ප ක්‍රම හඳුන්වාදීම හා පාට මගින් පුද්ගලයන්ගේ භාවයන් තේරුම් ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙමින් චිත්‍ර කලා උපදේශක වසන්ත කුමාර ඉලංගකෝන් මහතා මෙහිදී රසවත් හරවත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත දේශනයක් පැවැත්වීය.
මනෝවිද්‍යාවේ නවතම සොයා ගැනීම් ආශ්‍රයෙන් සිදු කළ පර්යේෂණ මගින් හෙළි කළ වටිනා සොයා ගැනීම් ඔස්සේ මිනිස් මොළය ක්‍රියාකාරීත්වයට චිත්‍ර ප්‍රතිකාර මගින් සිදුකළ හැකි ධනාත්මක බලපෑම පිළිබඳ මෙහිදී ප්‍රායෝගිකව දැනුම ලබාදීම විශේෂත්වයකි.
පුහුණුව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)අයේෂා කාරියවසම් මහත්මිය ,අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම් හා සංවර්ධන) ලක්ෂ්මි කාන්ති මෙනවිය සහ සහකාර දිස්ත්‍රික් ලේකම් ටී බී නලින්ද උදය කුමාර මහතා , ඇතුළු පිරිසක් සහභාගී වූහ .
පෙන්ටියම් 2000 ආයතනයේ අනුග්‍රාහක දායකත්වය මත ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවා අංශයේ පුහුණු විෂය සහ උපදේශන විෂය මගින් වැඩසටහන සංවිධානය කෙරිණී.

 1
2
3
4
5
6
8
9
12
10
13
14