"රටම එකට" ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් මාර්ගගතව එක්වෙයි

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන "රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනේ සමාරම්භක වැඩසටහන අද (30) පෙරවරුවේ ගරු ජනාධිපතිතුමන්ගෙ ප්‍රධානත්වයෙන් කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විනි. ඊට සමගාමීව සජීවීව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිලධාරීන්ද ඊට සම්බන්ද වූහ. අප රට වර්තමානයේ මුහුණ දී සිටින අවදානම් සහගත තත්වයන් කෙරෙහි බලපාන මූලිකම සාධකය වශයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර හා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා මහජන සහභාගීත්වය සහිත පුළුල් වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මෙහිදී පැහැදිලි කරන්නට විය. මෙම සුවිශේෂී අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ හා සම්බන්ධ වෙමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල නිලධාරීන් ද සජීවීව වැඩසටහන සඳහා සහභාගී වූහ.  

8 1

3