අභිනව ගාල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා අද (14) පෙරවරුවේ රාජකාරි ආරම්භ කරන ලදී.

ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 26ක සේවා කාලයක් සහිත විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. නව ධුරයට පෙර ඒ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ද ධුරය දරන ලදී.
1998 ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඒ මහතා වසර 26ක කාල සීමාව තුළ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, දකුණු පළාත් සමුපකාර කොමසාරිස්, හම්බන්තොට සහ මොනරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම්, නීතිය හා සාමය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් වැඩබලන දිස්ත්‍රික් ලේකම් ඇතුලුව ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමේ තනතුරු රාශියක් හොබවා ඇත.
ගාල්ල, ඉමදුව, බටේමුල්ල ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
ආගමික වතාවත් වලින් අනතුරුව නව දිස්ත්‍රික් ලේකම්වරයා රාජකාරි ආරම්භ කරමින් කාර්යය මණ්ඩලය ඇමතීය.
මීට පෙර ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් සේවය කළ ශාන්ත වීරසිංහ මහතා පසුගිය අප්‍රේල් මසදී කර්මාන්ත අමාත්‍යාශයේ ලේකම්වරයා වශයෙන් උසස්වීම් ලැබීමෙන් පසු ගාල්ල නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා මෙසේ සිය ධුරයේ කටයුතු ආරම්භ කරන්නට විය.
මෙම අවස්ථාවට ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චාමි රාජකරුණා මහත්මිය, අතිරේක දිස්ත්‍රික් (ඉඩම්) අයේෂා කාරියවසම් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
 

20  20

20  20

20  20

20  20