ගාල්ල දිස්ත්රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සැලසුම්
ගාල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ උප කමිටුවක් වන ආහාර සුරක්ෂිතතා කමිටුව අද(04) පළමු වරට ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී රැස්විණි .ඒ සම සභාපතිවරුන් වන ගාල්ල දිස්ත්රික් ලේකම් ඩබ්ලිව් .ඒ ධර්ම සිරි මහතාගේ සහ පළාත් කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම් චන්දිම මහතාගේ සභපතිත්වයෙනි.
ගාල්ල දිස්ත්රික්කයේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ආහාර නිෂ්පාදනය, බෙදා හැරීම, වෙළඳපොළ යටිතල පහසුකම් හා ප්රවේශ පහසුකම් සංවර්ධනය, පිරිසිදු ජලය,සනීපාරක්ෂාව ,පෝෂණීය ආහාර වෙත ප්රවේශය සහ පෝෂණ අධ්යාපනය තහවුරු කිරීම, දේශගුණික විපර්යාස ආපදා ආර්ථික අර්බුද හා ගැටුම් හමුවේ කාලයත් සමඟ ආහාර නිෂ්පාදනය හා සැපයුම ස්ථාවරත්වය තහවුරු වන පරිදි සැලසුම් සකස් කිරීමට ක්රියාත්මක වීමෙ හා අධීක්ෂණය කිරීම සඳහා දිස්ත්රික් ආහාර සුරක්ෂිතතා කමිටුව ක්රියා කළ යුතුය.
මෙහිදී කමිටුවට පැවරෙන විශේෂ කාර්යභාරයන් වශයෙන් දිස්ත්රික් ආහාර නිෂ්පාදන ක්ෂේත්ර ඇතුළත් සුරක්ෂිතතා සැලසුම් සකස් කිරීම ,දත්ත හා තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යෑම ,ආහාර නිෂ්පාදනය සම්බන්ධ පුරෝකථන වාර්තා යොමු කිරීම, දිස්ත්රික්කය තුළ ආහාර නිෂ්පාදනයට අවශ්ය බීජ පැළ හා සත්ව (පැටවුන්) අවශ්යතාවය හඳුනාගැනීම, දිස්ත්රික් කෘෂිකර්ම ඉඩම් පරිහරණ සැලැස්ම සැකසීම, ආහාර නිෂ්පාදනය සම්බන්ධ රජයේ විශේෂ වැඩසටහන් සම්බන්ධීකරණය ආදී විශේෂ කාර්යභාර රැසක්වේ .
මෙහිදී පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම සිදුකරමින් ගාල්ල දිස්ත්රික් ලේකම් ඩබ්ලිව් .ඒ ධර්මසිරි මහතා පැවසුවේ ස්වදේශ කටයුතු 03/2025 චක්රලේඛය මගින් පිහිටුවන ලද ආහාර සුරක්ෂිතතා කමිටුව ගාල්ල දිස්ත්රික්කයේ ජනතාවගේ ආහාර අවශ්යතාවය තහවුරු කිරීම සඳහා අධීක්ෂණ කාර්යය සිදු කරමින් ක්රියාත්මක වන බවයි.
දිස්ත්රික්කයේ එළවළු සහ පලතුරු නිෂ්පාදනය සත්ව නිෂ්පාදන ආදියේ ප්රමාණාත්මක සහ ගුණාත්මක නිෂ්පාදනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණ.
ගාල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) අයේෂා කාරියවසම් මහත්මිය , අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ජී.ජී ලක්ෂ්මි කාන්ති මෙනවිය,දිස්ත්රික් සැලසුම් අධ්යක්ෂ රසාංග සූරිආරච්චි මහතා ,දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ(වැ.බ) තමරා මුණසිංහ මහත්මිය ,කෘෂිකර්මික අංශයට සම්බන්ධ ආයතන ප්රධානින් ,ප්රාදේශිය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ .
ගාල්ල අතිරේක දිස්ත්රික් ලේකම්(ඉඩම් හා සංවර්ධන )ජී.ජී ලක්ෂ්මි කාන්ති මෙනවිය මෙහි කැඳවුම්කරු වශයෙන් ක්රියාත්මක වන අතර ඉඩම් හා සංවර්ධන අංශය මගින් වැඩසටහන සංවිධානය කෙරිණ.