Sinhala (Sri Lanka)English (United Kingdom)

News and Events
Location of the Office
சேவை மையங்கள்
செய்தி மற்றும் நிகழ்வுகள்

Users online
எங்களிடம் 25 விருந்தினர்கள் இணைப்பு நிலையில்

Consumer service Unit

There are no translations available.

Bandula Pathmalal

District Chief / Senior Inquery officer

Telephone - 091 3929812/091 7755455

- 0770106641 /0712690500

Fax                                   - 091 7755455

E-mail                                 - இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும்

Website                               - http://www.caa.gov.lk/

Emergency Contact - 1977

 

හැඳින්වීම

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යනුපාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වයඇතිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතන අතුරින්එකකි. එය පිහිටුවනු ලැබුවේ 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිලිබඳඅධිකාරිය පනත මගිනි. පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරන අතරම භාණ්ඩ හා සේවාසැපයුම්කරුවන් අතර තරඟකාරීත්වය ගොඩනැගීම සඳහා අවශ්‍ය නීතිමය බලාත්මකභාවයපනත මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබා දී තිබේ.

දැක්ම

සදාචාරාත්මක ව්‍යාපාර පරිසරයක් තුළ සුරක්ෂිත වූ පාරිභෝගිකයෙකු බිහි කිරීම.

මෙහෙවර

පාරිභෝගික සවිබල ගැන්වීම, වෙළෙඳාම විධිමත් කිරීම සහ තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම තුලින් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරලීම.

ආයතනික ඉලක්ක

  • වෙළෙඳාම විධිමත් කිරීම තුළින් වඩාත් තෘප්තිමත් වූ පාරිභෝගිකයින් බිහි කිරීම.
  • අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලදී පාරිභෝගිකයාට සහන සැළසීම.
  • අධ්‍යාපනය සහ දැනුවත් කිරීම තුළින් පාරිභෝගිකයින් සවිබල ගැන්වීම.
  • තරඟවිරෝධී චර්යාවන්ට එරෙහිව වෙළෙන්දන් හා සාදන්නන් ආරක්ෂා කරමින් යහපත් තරඟකාරිත්ව ප්‍රවර්ධනය කිරීම.
  • අධිකාරියෙහි කටයුතු පුඵල් කිරීම තුළින් ආයතනික සංවර්ධනය ළඟා කර ගැනීම.

ii. ත්‍රෛයිමාසිකව යාවත්කාලීන කල යුතු තොරතුරු

  • වැටලීම් ගණන සහ විශේෂ වැටලීම් සම්බන්ධව
  • දැනුවත් කිරීම් වැඩ සටහන් ගණන සහ එම වැඩ සටහන් පිළිබදව
  • ලැබූ පැමිණිලි ගණන / විසදූ පැමිණිලි සම්බන්ධව
  • වෙළඳපොළ සමීක්ෂණ සම්බන්ධව

විචල්‍ය තොරතුරු

  1. වැටලීම් / දැනුවත් කිරීම්/පාරිභෝගික පැමිණිලි/වෙළඳපල සමීක්ෂණ සහ තොරතුරු

වැටලීම්

අධිකාරිය විසින් පනවනු ලබන නියෝග හා විධානයන් කඩ කරනු ලබන වෙළෙදුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වෙළෙඳපොළ වැටලීම් කටයුතු නිරන්තරයෙන්ම සිදු කරනු ලබයි. මෙම වැටලීම් මගින් වෙළෙඳුන්ගේ වෙළෙඳ විෂමාචාර පාලනයට විශාල රුකුලක් ලැබෙන අතර එමගින් පාරිභෝගික අයිතීන් ආරක්ෂා වේ. මෙම වැටලීම් මගින් අත්අඩංගුවට ගනු ලැබූ වැරදිකරුවන් අධීකරණයට ඉදිරිපත් කර පනතට අනුව දඬුවම් ලබා දීම සිදු කෙරේ.

පාරිභෝගික අධ්‍යාපනය

පාරිභෝගික අධිකාරියේ මූලිකම කාර්යයක් ලෙස පාරිභෝගික ආරක්ෂාව, සෞඛ්‍ය, අයිතිවාසිකම් හා යුතුකම් සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දීම දැක්විය හැකිය. ඒ යටතේ පහත කාර්යයන් සිදු කරයි.

·         පාරි‍භෝගිකයින්දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

·         පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

·         රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

·         ව්‍යාපාරිකයින් / නිශ්පාදකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

පාරිභෝගික සංවිධාන ඇති කිරීම තුළින් පාරිභෝගික අධ්‍යාපනය සේම පාරිභෝගිකයන්ට මතුවන  ගැටලු  ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවක් සැපයීම බලාපොරොත්තු වේ. මෙහි අරමුණ වන්නේ මහජන අවශ්‍යතාවයන් පිළිබඳව දැඩි හඩක් නැගිය හැකි ලෙස පාරිභෝගික කණ්ඩායම් බල ගැන්වීමයි. අධිකාරිය පාරිභෝගික සමිති පිහිටු වීමට කටයුතු කරන ඕනෑම පාර්ශවයකට අවශ්‍ය සහය ලබා දෙයි.

පාරිභෝගික පැමිණිලි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විශාලපරාසයක් ඔස්සේ පැතිරුණු නිෂ්පාදනයන් හා සේවා සම්බන්ධ පැමිණිලි ලැබේ. මෙවැනිසේවාවන් සැපයීමේ අරමුණු වන්නේ භාණ්ඩ හා සේවාවන් මිලට ගැනීමේදීපාරිභෝගිකයන් මුහුණ දෙන විවිධ අකටයුතුකම් වලින් ඔවුන්ව මුදවා ගැනීමයි.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට භාණ්ඩ සම්බන්ධයෙන් මෙන්ම සේවාවන්සම්බන්ධයෙන්ද විමර්ශනයන් සිදු කල හැක. අධිකාරිය විසින් නියම කර ඇතිවිධිවිධාන හා නියෝගයන්ට අනුකූල නොවන ලෙස භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය, සැපයීම, ගබඩාකර තැබීම, ප්‍රවාහනය හා විකිණීම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශනසිදුකිරීමේ බලය අධිකාරියට ඇත.

ඊට අමතරව භාණ්ඩ නිෂ්පාදනයේදී හෝවිකිණිමේදී අදාල නියමයන්ට අනුව වගකීමේ කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන් කටයුතුකිරීමද සිදු කරනු ලබයි. අධිකාරිය විසින්ම හෝ පාරිභෝගිකයන් හා පාරිභෝගිකසංවිධාන වලින් ලැබෙන පැමිණිලි පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.වෙළෙදුන් විසින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ තොරතුරුලබා දීමට තනි පාරිභෝගියකුට මෙන්ම පාරිභෝගික සංවිධාන වලටද හැකියාව ඇත. බොහෝවැරදි සම්බන්ධයෙන් ලිපි මගින් හෝ සාකච්ඡා මගින් අදාල පාර්ශවයන් සමගඑකඟතාවයන්ට එලඹීමට ක්‍රියාකරනු ලබයි.

ඹබගේ පාරිභෝගික පැමිණිලි, පහත ලිපිනයට යොමු කරන්න.

දිස්ත්‍රික් ප්‍රධානී

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය,

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,

ගාල්ල.

වෙළඳපල සමීක්ෂණ සහ තොරතුරු

මෙම අධ්‍යයනයන් පදනම් කර ගනිමින් වෙළඳපොල තුළ තරගකාරීත්ව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරේ. එබැවින් වෙළඳපොල තුළ නිරන්තරයෙන් සිදුවන තරගකාරිත්ව තත්වයන් පරික්ෂා කිරීම සඳහා වෙළඳපොල තොරතුරු පද්ධතියක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සිදු කෙරේ.

  1. 2016 - ජූලී මස රාජකාරී තොරතුරු

වැටලීම්

පාරිභෝගික අධ්‍යාපනය

පාරිභෝගික පැමිණිලි

වෙළඳපල සමීක්ෂණ

වැටලීම් ගණන - 46

රජය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා නියම කරන ලද පාලන මිළ සම්බන්ධයෙන්  විශේෂ අවධානය යොමු කොට වැටලීම් සිදු කරනු ලබයි.

වැඩ සටහන් - 04

  • සිසුන් දැනුවත් කිරීම් වැටසටහන, පවර ආයතනය, උඩුගම
  • ප්‍රදර්ශන කුටිය, පොල්පැලකැටිය කණිෂ්ඨ විද්‍යාලය,තල්ගස්වල -
  • සිසුන් දැනුවත් කිරීම් වැටසටහන, තාක්ෂණ විද්‍යාලය,ගාල්ල
  • රජයේ නිළාධාරීන් දැනුවත් කිරීම් වැටසටහන, කළාප අධ්‍යාපන කාර්යාලය,ගාල්ල

ලැබූ පැමිණිලි සංඛ්‍යාව - 13

විසදූ පැමිණිලි සංඛ්‍යාව - 01

තව දුරටත් විමර්ශය වන පැමිණිලි - 12

සතොස සමීක්ෂණ - 05

මිළ සමීක්ෂණ - 01

තොග සමීක්ෂණ - 01